
Time
9:30am
Location
ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව
2030 ගෝලීය තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නැංවීම වේගවත් කිරීම සඳහා සියලු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය ඉතා වැදගත් වේ. එහිදී, රාජ්‍ය අංශයේ අමාත්‍යාංශ, එක් එක් අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු හා ආයතනවල සැලසුම්කරණ ක්‍රියාවලියේදී තිරසර සංවර්ධන අරමුණුවලට අනුගතව එම සැලසුම් සකස් කිරීමද අත්‍යවශ්‍ය වේ. ඒ සඳ හා අවශ්‍ය මඟ පෙන්වීම තිරසර සංවර්ධන සභාව අඛණ්ඩව ඉටු කරමින් පවතී.
එයට සමගාමිව ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් තිරසර සංවර්ධන සභාවේ සම්පත් දායකත්වයෙන් 2025.10.31 දින එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී, ජාතික ප්‍රතිපත්තිය අනුව යමින් ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරි සැලසුම් සකස් කිරීමේදී තිරසර සංවර්ධන ගෝලීය අරමුණු වලට අනුගත වන ලෙස සැලසුම් සකස් කරගන්නා ආකාරයත් ජාතික ඉලක්ක ළඟාකර ගැනීමෙහිලා දායක විය හැකි ක්‍රමවේද පිළිබඳවත් දීර්ඝව සාකච්ඡා කරන ලදී.
එම ක්‍රියාවලියේදී, විෂයයන් හා කාර්යයන් ප්‍රමුඛතාකරණය, පාර්ශවකරුවන් හඳුනාගැනීම, සැලසුම්වල ඒකාබද්ධතාව පවත්වාගැනීම, ඉලක්ක සකස් කිරීම, සැලසුම් සඳහා මුල්‍යකරණය, මෙන්ම අධීක්‍ෂණය හා පසුවිපරම් සිදුකළ යුතු ආකාරය පිළිබදව අවධානය යොමු කරන ලදී. ඒ හරහා දත්ත මත පදනම් වූ උපායමාර්ගික තීරණ ගැනීමෙන් තිරසර සංවර්ධන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා ආයතන පෙළගැස්වීමට යොමු වීමේ අවශ්‍යතාවද පෙන්වා දෙන ලදී. මෙම වැඩමුළුවට ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ නිළධාරින් සහභාගි විය.
