Skip to main content
switcher භාෂාව තෝරන්න

Peace, justice and strong institutions

සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන

සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන

තිරසර සංවර්ධනය සඳහා සාමකාමී සහ සියලු දෙනා අන්තර්ගතකරණය වූ සමාජයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර මිනීමැරුම්, ළමයින්ට එරෙහි හිංසනය, මිනිස් ජාවාරම සහ ලිංගික හිංසනය යන තර්ජන ආමන්ත්‍රණය කිරීම වැදගත් ය. සැමට යුක්තිය සඳහා ප්‍රවේශය සැපයීමටත්, සියලු මට්ටම්වල ඵලදායී, වගකිවයුතු ආයතන ගොඩනැගීමටත් ඒවා මග සලසති.

මිනීමැරුම් සහ ජාවාරම් පිළිබඳ සිද්ධීන් පසුගිය දශකය තුළ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කළ ද, ලතින් ඇමරිකාව, උප සහරා අප්‍රිකාව සහ ආසියාව පුරා හිතාමතා කරන මනුෂ්‍ය ඝාතන වල විශාල අවදානමට දහස් ගණනක් පුද්ගලයින් තවමත් ලක්වෙමින් සිටියි. ආක්‍රමණශීලීත්වය සහ ලිංගික හිංසනය තුළින් ළමුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ලොව පුරා බොහෝ රටවලට පීඩා කරමින් සිටින අතර, විශේෂයෙන් වාර්තා නොකිරීම සහ දත්ත නොමැතිකම මෙම ගැටලුව උග්‍ර කරයි.

 

මෙම අභියෝගයන්ට මුහුණ දීම සහ වඩාත් සාමකාමී, සියලු දෙනා අන්තර්ගත වූ සමාජයක් ගොඩනැගීම සඳහා වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුත් රෙගුලාසි සකස් කළ යුතු අතර පුළුල්, යථාර්ථවාදී රාජ්‍ය අයවැය තිබිය යුතුය. පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පළමු පියවරවලින් එකක් වන්නේ ලොව පුරා උපත් ලියාපදිංචි කිරීම ක්‍රියාත්මක කිරීම සහ ලොව පුරා වඩාත් ස්වාධීන ජාතික මානව හිමිකම් ආයතන ඇති කිරීමයි.

16.1

සියලුම ස්ථානයන්හි සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් සහ ඒ ආශ්‍රිත මරණ කැපී පෙනෙන ලෙස අඩු කිරීම.

16.2

ළමුන් කෲර වධහිංසා කිරීම්වලට සහ අපයෝජනයට, සූරාකෑමට, කුට්ටනයට සහ සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට ලක් වීම අවසන් කිරීම.

16.3

සියලුම දෙනාට නීතියේ සාධාරණත්වය ලබා ගැනීමට හැකි වීම සහ ජාතික සහ අන්තර්ජාතික මට්ටමින් නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම.

16.4

2030 වන විට නීති විරෝධී මූල්‍ය සහ ආයුධ ප්‍රවාහයන් කැපී පෙනෙන ලෙස අඩු කිරීම, සොරකම් කරන ලද වත්කම් නැවත ලබාගැනීම ශක්තිමත් කිරීම සහ සියලුම ආකාරයේ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම.

16.5

සියලුම ආකාරයේ අල්ලස සහ දූෂණ කැපී පෙනෙන ලෙස අඩු කිරීම.

16.6

සියලුම මට්ටම්වලදී ඵලදායී වගවීමෙන් යුක්ත සහ විනිවිදභාවයෙන් යුත් ආයතන පිහිටුවීම.

16.7

සියලුම මට්ටම්වලදී ප්‍රතිචාරාත්මක, සියලු දෙනා අන්තර්ගතවූ, සහභාගීත්වයෙන් යුත් සහ නියෝජනයෙන් යුත් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් පැවතීම තහවුරු කිරීම.

16.8

ජගත් මට්ටමේ පාලන ආයතනයන්හි දියුණු වෙමින් පවත්නා රටවල සහභාගීත්වය වඩාත් ශක්තිමත් කිරීම.

16.9

උපත් ලියාපදිංචි කිරීම ද ඇතුළුව 2030 වන විට සියලු දෙනාටම නීතිමය අනන්‍යතාවයක් ලබා දීම.

16.10

ජාතික නීති පද්ධතියට සහ අන්තර්ජාතික ප්‍රඥප්තීන්, ගිවිසුම්වලට අනුකූලව මහජනතාවට තොරතුරු ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම සහ මූලික නිදහස ආරක්ෂා කිරීම තහවුරු කිරීම.

16.A

අන්තර්ජාතික සහයෝගීතාව ද ලබාගෙන ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ ත්‍රස්තවාදය සහ අපරාධ තුරන් කිරීම සඳහා විශේෂයෙන්ම දියුණු වෙමින් පවත්නා රටවල් ද ඇතුළුව සියලුම මට්ටම්වල අදාළ ජාතික ආයතනවල ධාරිතාවන් ශක්තිමත් කිරීම.

16.B

තිරසර සංවර්ධනය සඳහා වෙනස්කොට සැලකීම වැළැක්වීම සඳහා වූ නීති සහ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම හා බලගැන්වීම.