Skip to main content
switcher භාෂාව තෝරන්න

Gender Equality

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය

සහස්‍ර සංවර්ධන අරමුණු යටතේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ලෝකය ප්‍රගතියක් (ගැහැනු ළමයින් හා පිරිමි ළමයින් අතර ප්‍රාථමික අධ්‍යාපනයට සමාන ප්‍රවේශයක් ඇතුළුව) ලබා ඇති නමුත්, ලෝකයේ සෑම ප්‍රදේශයකම කාන්තාවන් සහ ගැහැණු ළමයින් වෙනස් කොට සැලකීම් වලට සහ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වෙමින් පවතී.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මූලික මානව අයිතිවාසිකමක් පමණක් නොව සාමකාමී, සමෘද්ධිමත් හා තිරසර ලෝකයක් සඳහා අත්‍යවශ්‍ය පදනමක් වේ. අවාසනාවකට මෙන් වර්තමානයේදී, වයස අවුරුදු 15-49 අතර කාන්තාවන් සහ ගැහැණු ළමයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකු සමීප සහකරුවෙකු විසින් මාස ​​12 ක කාලයක් තුළ දී ශාරීරික හෝ ලිංගික හිංසනයකට ලක්ව ඇති බවට වාර්තා වී ඇති අතර, දැනට රටවල් 49 කට ගෘහස්ථ හිංසනයෙන් කාන්තාවන් ආරක්ෂා කිරීමේ නීති නොමැත. ළමා විවාහ සහ කාන්තා ලිංගේන්ද්‍රිය ඡේදනය (F. G. M.) වැනි හානිකර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රගතියක් සිදුවෙමින් පවතින අතර ඒවා පසුගිය දශකය තුළ 30% කින් අඩු වී ඇති නමුත්, එවැනි භාවිතාවන් සම්පූරණයෙන් තුරන් කිරීම සඳහා තවමත් බොහෝ වැඩ කළ යුතුව ඇත.

කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, යෝග්‍ය රක්ෂා සහ දේශපාලන හා ආර්ථික තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා නියෝජනය ලබා දීම මගින් තිරසර ආර්ථිකයන්ට ශක්තියක් වන අතර සමාජවලට සහ මානව වර්ගයාට විශාල වශයෙන් ප්‍රතිලාභ ලබා දෙනු ඇත. රැකියා ස්ථානයේ කාන්තා සමානාත්මතාවය පිළිබඳ නව නීතිමය රාමු ක්‍රියාත්මක කිරීම සහ කාන්තාවන් ඉලක්ක කරගත් හානිකර භාවිතාවන් තුරන් කිරීම ලොව පුරා බොහෝ රටවල පවතින ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස්කම් කිරීම අවසන් කිරීම සඳහා ඉතා වැදගත් වේ.

5.1

කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහිව සියලුම ස්ථානයන්හි සිදුවන්නා වූ සියලුම ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීම.

5.2

මානව කුට්ටනය ලිංගික සහ වෙනත් ආකාරයේ දූෂණයන්ද ඇතුළත්ව කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව පොදු සහ පෞද්ගලික ස්ථානයන්හි සිදුවන්නා වූ සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීම.

5.3

ළමා විවාහයන්, බලහත්කාරයෙන් සිදුවන්නා වූ විවාහයන්, සහ කාන්තාවන්ගේ ලිංගික අවයව තුවාල කිරීම වැනි සියලුම හානිකර භාවිතාවන් තුරන් කිරීම.

5.4

මහජන සේවාවන් යටිතල පහසුකම් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තීන් සැපයීම තුලින් ගෙවීමක් සිදු නොකරන්නා වූ සේවාවන් සහ ගෘහාශ්‍රිත වැඩවල වටිනාකම හඳුනා ගැනීම, අගය කිරීම, සහ ජාතික වශයෙන් සුදුසු වන්නා වූ ආකාරයට නිවසේ සහ පවුලේ වගකීම් බෙදා ගැනීම ප්‍රවර්ධනය කිරීම.

5.5

දේශපාලන, ආර්ථික, සහ සාමාන්‍ය ජීවිතයේ සියලුම අවස්ථාවන්හි තීරණ ගැනීමේදී කාන්තාවන්ට නායකත්වය සහ සමාන අවස්ථාවන් සැලසීම හා ඵලදායී අන්දමින් සහභාගී වීම තහවුරු කිරීම.

5.6

ජනගහනය සහ සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණයේ වැඩසැලැස්මට අනුකූලව එකඟ වූ පරිදි සහ බීජිං ක්‍රියාකාරකම් සැලැස්ම සහ ඔවුන්ගේ සමාලෝචන සම්මන්ත්‍රණයේ ලේඛනවලට අනුකූලව ලිංගික, සහ ප්‍රජනන සෞඛ්‍යය, සහ අයිතිවසිකම් සඳහා සියලු දෙනාටම ප්‍රවේශ වීමේ අවස්ථාව තහවුරු කිරීම.

5.A

කාන්තාවන්ට ආර්ථික අයිතිවාසිකම් ලබා දීම සඳහා වූ සංශෝධන සිදු කිරීමට කටයුතු කිරීම සහ දේශීය නීතිවලට අනුව ඉඩම් සහ වෙනත් ආකාරවල දේපල මූල්‍ය සේවාවන්, උරුමයන් සහ ස්වාභාවික සම්පත්වල හිමිකාරිත්වය ලබා ගැනීම සහ පාලනය සිදු කරීම සඳහා අවස්ථාව ලබා දීමට කටයුතු කිරීම.

5.B

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා විශේෂයෙන් ම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ඇතුළත්ව තාක්ෂණය ලබාගැනීම සඳහා සාධනීය අවස්ථාවන් ලබා දීම.

5.C

ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානත්වය සහ සියලුම මට්ටම්වල කාන්තාවන් සහ ගැහැණු ළමුන් සවිබල ගැන්වීම සඳහා යහපත් ප්‍රතිපත්ති යොදා ගැනීම සහ ශක්තිමත් කිරීම හා නීතිමය ලෙස බලාත්මක කිරීම.