Skip to main content
ශ්‍රී ලංකාවේ තෙවන ස්වේච්ඡා ජාතික සමාලෝචනය 2027 සඳහා වූ විධායක සමුළුව 2026 සැප්තැම්බර් 8 වන දින සාර්ථකව පැවැත්විණි.

The Executive Summit on Sri Lanka’s Third Voluntary National Review (VNR) 2027 was successfully held on 8 September 2026.

  1. මුල් පිටුව
  2. පුවත් සහ සිදුවීම්
  3. ශ්‍රී ලංකාවේ තෙවන…

ශ්‍රී ලංකාවේ තෙවන ස්වේච්ඡා ජාතික සමාලෝචනය 2027 සඳහා වූ විධායක සමුළුව 2026 සැප්තැම්බර් 8 වන දින සාර්ථකව පැවැත්විණි.

08 සැප් 2026

වෙලාව

9:00am

ස්ථානය

Galle Face Hotel

ශ්‍රී ලංකාවේ තෙවන ස්වේච්ඡා ජාතික සමාලෝචනය 2027 සඳහා වූ විධායක සමුළුව 2026 සැප්තැම්බර් 8 වන දින සාර්ථකව පැවැත්වුණු අතර, රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, සංවර්ධන හවුල්කරුවන්, විශ්වවිද්‍යාල හා අධ්‍යයන ක්ෂේත්‍රය සහ සිවිල් සමාජය ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් 160 කට අධික පිරිසක් මෙම සමුළුවට සහභාගී වූහ. සමුළුවේදී, ස්වේච්ඡා ජාතික සමාලෝචන ක්‍රියාවලිය සහ කාලරාමුව පිළිබඳව හඳුන්වා දීම සිදුකෙරුණු අතර, පාර්ශ්වකරුවන්ට සිය අදහස්, අත්දැකීම් සහ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසිණි. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණුහි වත්මන් තත්ත්වය සහ ස්වේච්ඡා ජාතික සමාලෝචනය 2027 ක්‍රියාවලිය පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරීම් ද පැවැත්විණි. මෙය ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා ජාතික සමාලෝචනය 2027 ක්‍රියාවලිය වඩාත් සහභාගීත්වයෙන් හා සියලු පාර්ශ්ව ඇතුළත් කර ගනිමින් ඉදිරියට ගෙන යාම සඳහා වැදගත් පියවරක් විය.