
වෙලාව
2:00pm
ස්ථානය
තිරසර සංවර්ධන සභාව
පළාත් මට්ටමින් තිරසර සංවර්ධන ඉලක්ක (SDG) ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ වාර්තාකරණය ශක්තිමත් කිරීමේ අරමුණින්, තිරසර සංවර්ධන සභාව (SDC) මඟින් පළාත් තිරසර සංවර්ධන අරමුණු සම්බන්ධීකරණ නිළධාරින් (SDG Focal Points) සහ පළාත් තිරසර සංවර්ධන සහකාර නිලධාරීන් සමඟ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලදි.
මෙහි පළමුවන පියවර ලෙස, පළාත් තිරසර සංවර්ධන අරමුණු සම්බන්ධීකරණ නිළධාරින් (SDG Focal Points) සහ පළාත් තිරසර සංවර්ධන සහකාර නිලධාරීන් සඳහා තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) පිළිබඳ අවබෝධය ලබා දීම සහ 2026/2027 සඳහා ශ්‍රී ලංකාවේ තුන්වන ස්වේච්ඡා ජාතික සමාලෝචනය (VNR) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජූනි 17 වන දින මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට යෙදුණි.
