
වෙලාව
8:30am
ස්ථානය
කො/ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලය
තිරසර හෙටක් වෙනුවෙන් අනාගත පරපුර සූදානම් කිරිමේ අරමුණ පෙරදැරිව තිරසර සංවර්ධන සභාව කො/ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලය සමඟ එක්ව මෙවර පරිසර දිනය සැමරීම ඉතා සාර්ථකව සිදු කරන ලදී. පරිසර දිනය සැමරීමේ වැදගත්කම සංකේතවත් කරමින් සිසු දරුවන්ගේ ආකල්ප, කුසලතා ප්‍රවර්ධනය, පාසල් පරිසරය පිරිසිදු කිරිමේ දෙමාපිය ශ්‍රමදානය, පාසලේ කසළ කළමනාකරණ ක්‍රමවේදය ශක්තිමත් කිරීම, පාසලේ ගෙවතු වගා ව්‍යාපෘතිය නැවත ක්‍රියාවට නැංවීම, රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාවට නැංවීම, පාසල් පරිසර නියමු ඒකකයක් පිහිටුවීමේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම හා පාසල් පුස්තකාලය සඳහා පරිසර කියවීම් පොත් පරිත්‍යාග කිරීම ඊයේ දින සිදු විය.
බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් තුමාගේ මඟ පෙන්වීම යටතේ තෝරාගත් බස්නාහිර පළාතේ ප්‍රථම මධ්‍ය විද්‍යාලය ලෙස දිගු ඉතිහාසයක් සහිත මෙම විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ගුරුමණ්ඩලය සහ සියලු සිසු දරුවන් තිරසර සංවර්ධන සභාවේ නිලධාරීන් සමඟ මෙම වැඩසටහන දියත් කිරීම සඳහා සහභාගීවිය.
