Skip to main content
switcher භාෂාව තෝරන්න

පරිසර අමාත්‍යාංශයේ වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අංශයේ නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් තිරසර සංවර්ධන සභාවේ සහභාගිත්වයෙන් අද දින පැවැත්විණි.

  1. මුල් පිටුව
  2. පුවත් සහ සිදුවීම්
  3. පරිසර අමාත්‍යාංශයේ…

පරිසර අමාත්‍යාංශයේ වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අංශයේ නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් තිරසර සංවර්ධන සභාවේ සහභාගිත්වයෙන් අද දින පැවැත්විණි.

12 අගෝ 2025

වෙලාව

10:00am

ස්ථානය

පරිසර අමාත්‍යාංශයේ වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අංශයේ ශ්‍රවණාගාරය

2030 ගෝලීය තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නැංවීම වේගවත් කිරීම සඳහා සියලු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය ඉතා වැදගත් වේ. එහිදී, රාජ්‍ය අංශයේ අමාත්‍යාංශ, එක් එක් අමාත්‍යාංශ යටතේ පවතින රාජ්‍ය ආයතන වල සැලසුම්කරණ ක්‍රියාවලියේදී තිරසර සංවර්ධන අරමුණු වලට අනුගතව එම සැලසුම් සකස් කිරීමද අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම තිරසර සංවර්ධන සභාව අඛණ්ඩව ඉටු කරමින් පවතී.

එයට සමගාමිව පරිසර අමාත්‍යාංශයේ වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අංශයේ නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් තිරසර සංවර්ධන සභාවේ සහභාගිත්වයෙන් අද දින එම අංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී, ජාතික ප්‍රතිපත්තිය අනුව යමින් පරිසර අමාත්‍යාංශයේ ක්‍රියාත්මක සැලසුම් යටතේ වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අංශය වශයෙන් තම සැලසුම් සකස් කිරීමේදී ගෝලීය අරමුණු වලට අනුගත ජාතික ඉලක්ක ළඟාකර ගැනීමට දායක විය හැකි ක්‍රමවේද පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරන ලදී.

එම ක්‍රියාවලියේදී, විෂයයන් හා කාර්යයන් ප්‍රමුඛතාකරණය, පාර්ශවකරුවන් හඳුනාගැනීම, සැලසුම්වල ඒකාබද්ධතාව පවත්වාගැනීම, ඉලක්ක සකස් කිරීම, සැලසුම් සඳහා මුල්‍යකරණය, මෙන්ම අධීක්‍ෂණය හා පසුවිපරම් සිදුකළ යුතු ආකාරය පිළිබදව අවධානය යොමු කරන ලදී. ඒ හරහා දත්ත මත පදනම් වූ උපායමාර්ගික තීරණ ගැනීමෙන් තිරසර සංවර්ධන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම ආයතන පෙළගැස්වීමට යොමු වීමේ අවශ්‍යතාවද පෙන්වා දෙන ලදී. මෙම වැඩමුළුව මෙහෙයවීම තිරසර සංවර්ධන සභාවේ නිලධාරීන් විසින් සිදු කෙරිණි.