Skip to main content

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ ආයතන 23 හි නිලධාරීන් සඳහා තිරසර සංවර්ධන අරමුණු, සැලසුම් හා සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

  1. Home
  2. News & Events
  3. අධිකරණ සහ ජාතික…

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ ආයතන 23 හි නිලධාරීන් සඳහා තිරසර සංවර්ධන අරමුණු, සැලසුම් හා සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

30 Oct 2025

Time

9:30am

Location

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය

030 ගෝලීය තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නැංවීම වේගවත් කිරීම සඳහා සියලු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය ඉතා වැදගත් වේ. එහිදී, රාජ්‍ය අංශයේ අමාත්‍යාංශ, එක් එක් අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු හා ආයතනවල සැලසුම්කරණ ක්‍රියාවලියේ දී තිරසර සංවර්ධන අරමුණු වලට අනුගතව එම සැලසුම් සකස් කිරීම ද අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම තිරසර සංවර්ධන සභාව අඛණ්ඩව ඉටු කරමින් පවතී.

එයට සමගාමිව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ  හා ඊට අනුබද්ධ ආයතන 23 හි නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් තිරසර සංවර්ධන සභාවේ සම්පත් දායකත්වයෙන් 2025.10.30 දින එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී, ජාතික ප්‍රතිපත්තිය අනුව යමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීමේ දී තිරසර සංවර්ධන ගෝලීය අරමුණුවලට අනුගත වන ලෙස සැලසුම් සකස් කරගන්නා ආකාරයත් ජාතික ඉලක්ක ළඟාකර ගැනීමෙහිලා දායක විය හැකි ක්‍රමවේද පිළිබඳවත් දැනුවත් කරන ලදී.

එම ක්‍රියාවලියේදී, විෂයයන් හා කාර්යයන් ප්‍රමුඛතාකරණය, පාර්ශවකරුවන් හඳුනාගැනීම, සැලසුම්වල ඒකාබද්ධතාව පවත්වාගැනීම, ඉලක්ක සකස් කිරීම, සැලසුම් සඳහා මුල්‍යකරණය, මෙන්ම අධීක්‍ෂණය හා පසුවිපරම් සිදුකළ යුතු ආකාරය පිළිබදව අවධානය යොමු කරන ලදී. ඒ හරහා දත්ත මත පදනම් වූ උපායමාර්ගික තීරණ ගැනීමෙන් තිරසර සංවර්ධන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා ආයතන පෙළගැස්වීමට යොමු වීමේ අවශ්‍යතාවද පෙන්වා දෙන ලදී. මෙම වැඩමුළුවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් අධ්‍යක්ෂ ජනරාල්වරුන් හා අනෙකුත් ආයතන ප්‍රධානීන් සහභාගි විය.