Skip to main content
The Sustainable Development Council joined hands with Sri Sangharaja Central College, Maradana to successfully celebrate World Environment Day 2026. - 2026.06.05

මෙවර ජගත් පරිසර දිනය සැමරීම උදෙසා තිරසර සංවර්ධන සභාව විසින් කොළඔ, ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පාසලේ සිසුවියන් උදෙසා පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින පැවැත්විණි.

  1. Home
  2. News & Events
  3. මෙවර ජගත් පරිසර දිනය…

මෙවර ජගත් පරිසර දිනය සැමරීම උදෙසා තිරසර සංවර්ධන සභාව විසින් කොළඔ, ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පාසලේ සිසුවියන් උදෙසා පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින පැවැත්විණි.

05 Jun 2025

Time

9:30am

Location

කොළඔ, ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලය

මෙවර ජගත් පරිසර දිනය සැමරීම උදෙසා තිරසර සංවර්ධන සභාව විසින් කොළඔ, ශ්‍රී සංඝමිත්තා බාලිකා  විද්‍යාලයේ පාසලේ සිසුවියන් උදෙසා   පරිසර සංරක්ෂණයේ වැදගත්කම  පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් විද්‍යාලීය  නව ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි.

කොළඔ, ශ්‍රී සංඝමිත්තා බාලිකා  විද්‍යාලයේ  04 සහා 05  ශ්‍රේණිවල සිසුවියන්  තුන්සියකට ආසන්න ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා එම  විද්‍යාලයේ   විදුහල්පතිතුමිය  ඇතුළු ආචාර්‍යවරුන්ද සහභාගි වූ අතර වැඩසටහන මෙහෙයවීම තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ(සංවර්ධන) ප්‍රසාදිකා බස්නායක මහත්මිය සහා තිරසර සංවර්ධන නිළධාරී පී.බී හසිත් සඳරුවන් මහතාගේ   සම්පත් දායකත්වයෙන්  සිදුකරන ලදි.

මෙහිදී මිනිසා හා පරිසරය අතර පවත්වා ගත යුතු නොබිදෙන  සබැඳියාව තහවුරු කිරීම සඳහා පාසල් දරුවන්ගේ කාර්‍යභාරය පිළිබඳව අවධානය යොමු කෙරිණි.  එහිදී විශේෂයෙන් ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන පාරිසරික හානිය වැළැක්වීම, පරිසර හිතකාමී ජීවන රටාවකට හුරුවීම සහා පරිසර පද්ධතිය රැකගැනීමේ වැදගත්කම පිළිබඳව සහභාගිත්ව ඉගෙනුම් ක්‍රමවේදයන් භාවිතා කරමින්  දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

ජගත් පරිසර දින සැමරීමට සමගාමීව රජය විසින් ප්‍රකාශයට පත් කල ජාතික පරිසර සතියේ අවසන් දිනය ලෙස අද දින තේමාවට ගැනෙන “රුක්රෝපණය හා ජගත් පරිසර දින සැමරුම”  සනිටුහන්  කරගනිමින් විදුහලේ සිසුවියන් විසින් රුක්රෝපණ වැඩසටහනක් පාසල් පරිශ්‍රයේ දී  සිදු කෙරිණි.