Time
9:30am
Location
මුදල් අමාත්‍යංශය
තිරසර සංවර්ධන සභාව විසින් තිරසර සංවර්ධන අරමුණු වලට අනුගත වන පරිදි සැලසුම්, අයවැයකරණය සහ අධීක්ෂණ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අමාත්‍යාංශ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දැනුවත් කිරීමේ සැසිවාරයක් අද දින සාර්ථක ලෙස පවත්වන ලදී.
මෙම වැඩමුළුවේදි අන්තර් ආයතනීක සම්බන්ධීකරණය, අමාත්‍යාංශ තුළ තිරසර සංවර්ධන අරමුණු ලගාකර ගැනිම සදහා ඒකාබද්ධ සැලසුම් සකස් කිරීම මෙන්ම වාර්ෂික ක්‍රියාකාරී සැලසුම්, අයවැය යෝජනා සහ අමාත්‍යාංශවල කාර්ය සාධන වාර්තා තිරසර සංවර්ධන අරමුණු සමග අනුගත කිරිමේ වත්මන් ප්‍රවේශයන් සහ ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය තුළ පවත්නා අභියෝග පිළිබඳව ද අවධානය යොමුවිය. එමෙන්ම, තිරසර සැලසුම්කරණයට අදාලව කලාපීය සහ ගෝලීය වශයෙන් පවත්නා හොඳම භාවිතයන් සම්බන්දයෙන් මෙහිදි නිලධාරින් දැනුවත් කෙරිණි.
මෙම කාර්‍ය්‍ය සාර්ථක කරගැනිම සදහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ සහ තිරසර සංවර්ධන සභාවේ නිලධාරින් සම්පත් දායකත්වය සපයන ලදි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ආයතනික මට්ටමින් තිරසර සංවර්ධන අරමුණු ආයතනික ක්‍රියාවලිය සමඟ සම්බන්ධීකරණය සහ ඒකාබද්ධ කිරීමට අදාලව යොදාගන්නා වත්මන් ප්‍රවේශයන් පිළිබඳව ඉදිරිපත් කිරිම් සිදුකරන ලදී.
රජයේ ප්‍රමුඛතම වැඩසටහනක් වන “ Clean Sri Lanka” සහ තිරසර සංවර්ධන අරමුණු අතර සහ-සම්බන්ධතාවය පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර ‘Clean Sri Lanka” වැඩසටහනේ අරමුණු, විෂය පථය සහ ආයතනික විධිවිධාන පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ විසිහතරක් නියෝජනය කරමින් සංවර්ධන, සැලසුම් සහ ප්‍රගති අධීක්‍ෂණය සඳහා වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ.