Skip to main content
switcher மொழியைத் தேர்ந்தெடுக்கவும்

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ රාජ්‍ය නිලධාරීන් සඳහා තිරසර සංවර්ධන අරමුණු, සැලසුම් හා සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ රාජ්‍ය නිලධාරීන් සඳහා තිරසර සංවර්ධන අරමුණු, සැලසුම් හා සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

05 ஆக 2025

நேரம்

9:30முப

இடம்

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමේ එක් ප්‍රමුඛ කාර්යභාරයක් ලෙස එක් එක් අමාත්‍යංශ සහ එම අමාත්‍යංශ යටතේ පවතින ආයතන වල දායකත්වය ඉහළ නැංවීම සඳහා තිරසර සංවර්ධන සභාව විසින් විවිධාකාරයෙන් මඟපෙන්වීම සහ තාක්ෂණික දැනුම ලබා දීම අඛණ්ඩව සිදු කරනු ලබයි.

එහි තවත් එක් වැඩසටහනක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන අංශයේ සංවිධානයෙන්, තිරසර සංවර්ධන සභාවේ සහයෝගය ඇතිව එම අමාත්‍යංශයේ රාජ්‍ය නිලධාරීන් සඳහා තිරසර සංවර්ධන අරමුණු, සැලසුම් හා සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික පුහුණු වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා අමාත්‍යංශයේ කෘෂිකර්ම අංශය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි විය.

අමාත්‍යංශ මට්ටමින් සකස් කරනු ලබන සැලසුම් තිරසර සංවර්ධන අරමුණු සමඟ ප්‍රවාහගත කිරීම, අමාත්‍යංශ විෂය පථයට අදාළව අනුගත කල හැකි තිරසර සංවර්ධන ඉලක්ක හඳුනා ගැනීම සහ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් හරහා තිරසර සංවර්ධන ඉලක්ක අධීක්‍ෂණය කිරීමේ හැකියාව පිළිබඳව මෙම වැඩසටහනේ දී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී. මෙම වැඩමුළුව මෙහෙයවීම තිරසර සංවර්ධන සභාවේ නිලධාරීන් විසින් සිදු කරන ලදි.