Skip to main content
මුදල්, සැලසුම් හා සංඛ්‍යාලේඛන තේමාව යටතේ අදාළ දත්ත සත්‍යාපන වැඩමුළුව 2026 ජූලි 8 වන දින මාර්ගගත ආකාරයෙන් සාර්ථකව පැවැත්වුණි.

The Data Validation Workshop for the Finance, Planning and Statistics Thematic Group was successfully conducted in a virtual format on 8 July 2026

  1. මුල් පිටුව
  2. පුවත් සහ සිදුවීම්
  3. මුදල්, සැලසුම් හා සංඛ්‍…

මුදල්, සැලසුම් හා සංඛ්‍යාලේඛන තේමාව යටතේ අදාළ දත්ත සත්‍යාපන වැඩමුළුව 2026 ජූලි 8 වන දින මාර්ගගත ආකාරයෙන් සාර්ථකව පැවැත්වුණි.

08 ජුලි 2026

වෙලාව

9:30am

ස්ථානය

තිරසර සංවර්ධන සභාව

මුදල්, සැලසුම් හා සංඛ්‍යාලේඛන තේමාව යටතේ අදාළ දත්ත සත්‍යාපන වැඩමුළුව 2026 ජූලි 8 වන දින මාර්ගගත ආකාරයෙන් සාර්ථකව පැවැත්වුණි. මෙම සැසිය තේමා ක්ෂේත්‍රයට අදාළ තිරසර සංවර්ධන දර්ශක සමාලෝචනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතර, විශේෂයෙන් රාජ්‍ය මූල්‍ය, සාර්ව ආර්ථික කාර්යසාධනය, දේශීය සම්පත් රැස්කිරීම, නිල සංවර්ධන ආධාර, තිරසර මූල්‍යකරණය, ජාතික සංවර්ධන සැලසුම්කරණය, යහපාලනය, තොරතුරු සහ තාක්ෂණයට ප්‍රවේශය මෙන්ම සංඛ්‍යාලේඛන පද්ධති සම්බන්ධ දර්ශක පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදී.

එහිදී ජාතික ප්‍රමුඛතා සහ අදාළ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල වන පරිදි තෝරාගත් දර්ශක සහ ඉලක්ක නැවත සමාලෝචනය කිරීම, දේශීය සන්දර්භය සහ ජාතික ප්‍රයත්නයන් වඩාත් හොඳින් පිළිබිඹු වන පරිදි දේශීයකරණය කරන ලද ආදේශ දර්ශක හඳුනාගැනීම, දත්තවල පවතින ගුණාත්මකභාවය සහ ලබාගත හැකි බව ඇගයීම, දත්ත අතර පවතින පරතර හඳුනාගැනීම, දත්ත වාර්තාකරණය සඳහා ආයතනික වගකීම් පැහැදිලි කිරීම සිදු කරන ලදී. විශේෂයෙන් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ප්‍රධාන සමීක්ෂණවලින් ලබාගන්නා දත්ත මත පදනම් වන දර්ශක සම්බන්ධයෙන්, යෝජිත ඉලක්ක යථාර්ථවාදී සහ ජාතික ප්‍රමුඛතා සමඟ අනුකූල වන බව තහවුරු කිරීම සඳහා ඒවා විමර්ශනය කිරීම ද  සිදු කරන ලදී.