Skip to main content
අධ්‍යාපන, කම්කරු, නිපුණතා සහ සංස්කෘතිය යන තේමාව යටතේ අදාළ දත්ත සත්‍යාපන වැඩමුළුව 2026 ජුනි 18 වන දින මාර්ගගත ආකාරයෙන් සාර්ථකව පැවැත්වුණි.

The Data Validation Workshop for the Education, Labour, Skills and Culture Thematic Group was successfully conducted on 18 June 2026 in virtual format

  1. මුල් පිටුව
  2. පුවත් සහ සිදුවීම්
  3. අධ්‍යාපන, කම්කරු,…

අධ්‍යාපන, කම්කරු, නිපුණතා සහ සංස්කෘතිය යන තේමාව යටතේ අදාළ දත්ත සත්‍යාපන වැඩමුළුව 2026 ජුනි 18 වන දින මාර්ගගත ආකාරයෙන් සාර්ථකව පැවැත්වුණි.

18 ජුනි 2026

වෙලාව

9:30am

ස්ථානය

තිරසර සංවර්ධන සභාව

අධ්‍යාපන, කම්කරු, නිපුණතා සහ සංස්කෘතිය යන තේමාව යටතේ අදාළ දත්ත සත්‍යාපන වැඩමුළුව 2026 ජුනි 18 වන දින මාර්ගගත ආකාරයෙන් සාර්ථකව පැවැත්වුණි. මෙම සැසිය තේමා ක්ෂේත්‍රයට අදාළ තිරසාර සංවර්ධන දර්ශක සමාලෝචනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතර, විශේෂයෙන් තිරසර සංවර්ධන අරමුණු 4, 8, 9 සහ 11 යටතේ පවතින දර්ශක පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලදී. එහිදී ජාතික ප්‍රමුඛතා සහ අදාළ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල වන පරිදි තෝරාගත් දර්ශක සහ ඉලක්ක නැවත සමාලෝචනය කිරීම, දේශීය සන්දර්භය සහ ජාතික ප්‍රයත්නයන් වඩාත් හොඳින් පිළිබිඹු වන පරිදි දේශීයකරණය කරන ලද ආදේශ දර්ශක හඳුනාගැනීම මෙන්ම දත්තවල පවතින ගුණාත්මකභාවය ඇගයීම, දත්ත අතර පවතින පරතර හඳුනාගැනීම සහ ජාතික තිරසර සංවර්ධන ප්‍රගති වාර්තාකරණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රමුඛතා ක්ෂේත්‍ර හඳුනාගැනීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.