Skip to main content
භාෂාව තෝරන්න
English
සිංහල
தமிழ்
මුල් පිටුව
අප ගැන
About the Council
Leadership
Chairman
Director General
කවුන්සිලයේ සාමාජිකයන්
Staff
තිරසර සංවර්ධන අරමුණු (SDGs)
නාමාවලිය
සම්පත්
පුවත් සහ සිදුවීම්
නිතර අසන ප්‍රශ්න
අමතන්න
මුල් පිටුව
අප ගැන
About the Council
Leadership
කවුන්සිලයේ සාමාජිකයන්
Staff
තිරසර සංවර්ධන අරමුණු (SDGs)
නාමාවලිය
සම්පත්
පුවත් සහ සිදුවීම්
නිතර අසන ප්‍රශ්න
අමතන්න
නියෝජිත නාමාවලිය
තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක ළඟා කර ගැනීමේ කර්තව්‍ය කුමන රාජ්‍ය ආයතනවලට පැවරී ඇත්දැයි සොයා බලන්න
මුල් පිටුව
නියෝජිත නාමාවලිය
නියෝජිත නාමාවලිය
අරමුණ තෝරන්න
සියලු තන්හි පවතින සෑම ආකාරයකම දුගී බව අවසන් කිරීම
කුසගින්න තුරන් කිරීම
නිරෝගී බව සහ යහපැවැත්ම
ගුණාත්මක අධ්‍යාපනයක්
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය
පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව
දැරිය හැකි පිවීතුරු බලශක්තිය
සුනිසි මෙහෙවර සහ ආර්ථික වර්ධනය
කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම්
අව අසමානාත්මතා
තිරසර නගර සහ ප්‍රජාවන්
වගකීමෙන් යුතු පරිභෝජනය සහ නිෂ්පාදනය
දේශගුණික ක්‍රියාකාරකම්
ජලය තුළ ජීවය
ගොඩබිම මත ජීවය
සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන
තිරසර සංවර්ධනය සඳහා පාර්ශවකරණයන්
ඉලක්කය තෝරන්න
2030 වන විට ලෝකයේ සියලුම ස්ථානවල වෙසෙන සියලුම පුද්ගලයින්ගේ අන්ත දරිද්‍රතාව තුරන් කිරීම. වර්තමාන තක්සේරු අනුව දිනකට ඩොලර් 1.25 ට වඩා අඩුවෙන් ආදායම් ලබන අය අන්ත දිළිඳු කාණ්ඩයට අයත් වේ.
ජාතික මට්ටමේ අර්ථ නිරූපණවලට අනුකූල වන පරිදි සියලුම ආකාරයේ දරිද්‍රතාවන්ගෙන් පෙළෙන සියලු වයස් කාණ්ඩවලට අයත් පිරිමින්‚ කාන්තාවන් හා ළමුන්ගේ අනුනුපාතය අවම වශයෙන් අඩකින් අඩුකිරීම.
පහළ මට්ටමේ අයත් ඇතුළත්ව සියළුම පුද්ගලයින් සම්බන්ධයෙන් ජාතික වශයෙන් සුදුසු වන්නා වූ සමාජ ආරක්ෂණ ක්‍රම ක්‍රියාවට නැංවීම සහ 2030 වන විට දරිද්‍රතාවෙන් පෙළෙන සහ අවදානම් කණ්ඩායම් ප්‍රමාණවත් ලෙස එමගින් ආවරණය වී තිබීම.
විශේෂයෙන්ම දරිද්‍රතාවෙන් පෙළෙන සහ අවදානමට ලක්විය හැකි අය ඇතුළුව සියලුම පිරිමින්ට සහ කාන්තාවන්ට 2030 වසර වන විට ආර්ථික සම්පත්, මූලික සේවාවන්, ඉඩම් හිමිකාරිත්වය හා පාලනය කිරීම සහ වෙනත් ආකාරයේ දේපළ උරුමයන්, ස්වාභාවික සම්පත්, සුදුසු නව තාක්ෂණය සහ ක්ෂුද්‍ර මූල්‍ය ඇතුළුව මූල්‍ය සේවාවන් සඳහා ප්රවේශවීමට සමාන අයිතිවාසිකම් තහවුරු කිරීම.
2030 වන විට දරිද්‍රතාවෙන් පෙළෙන්නන්ගේ සහ අවදානමට ලක් විය හැකි තත්වයේ සිටින්නන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ ඔවුන් කාලගුණික තත්වයන්ගෙන් ඇති වන්නාවූ හානිකර බලපෑම් ද ආර්ථික සමාජ සහ පරිසරමය වශයෙන් ඇතිවන්නාවූ හානි සහ ආපදාවලට නිරාවරණයවීම ද අඩු කිරීම.
විශේෂයෙන්ම අවම වශයෙන් සංවර්ධනය වූ රටවල සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල පවත්නා සියලුම ආකාරයේ දරිද්‍රතාවන් තුරන් කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් සහ විශ්වාසය තැබිය හැකි ක්‍රම වේද සම්පාදනය කිරීම සඳහා වැඩිදියුණු කරන ලද සංවර්ධන සහගයෝගිතාව ඇතුළු විවිධ වූ මූලාශ්රයන් මගින් සම්පත් ලබා දීම කැපීපෙනෙන ආකාරයෙන් වර්ධනය කිරීම.
දරිද්‍රතාව තුරන් කිරීමේ ක්‍රියාවලීන් සඳහා ආයෝජනය කිරීම වේගවත් කිරීමට, දරිද්‍රතාවෙන් පෙළෙන අය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ජාතික, කලාපීය සහ අන්තර්ජාතික මට්ටමේ ප්‍රතිපත්ති රාමු නිර්මාණය කිරීම.
සොයන්න