Skip to main content
The Data Validation Workshop for the Finance, Planning & Statistics Thematic Group was successfully conducted on 8 July 2026 in virtual format.

තිරසර සංවර්ධන අරමුණු හා එම අරමුණු සැලසුම් සහ සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහගත කිරීම මෙන්ම ඒවා පසු විපරම් කිරිමේ ක්‍රියාදාමය පිළිබඳව බස්නාහිර පළාත් සභා ලේකම් කාර්‍යාලයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

  1. Home
  2. News & Events
  3. තිරසර සංවර්ධන අරමුණු හා…

තිරසර සංවර්ධන අරමුණු හා එම අරමුණු සැලසුම් සහ සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහගත කිරීම මෙන්ම ඒවා පසු විපරම් කිරිමේ ක්‍රියාදාමය පිළිබඳව බස්නාහිර පළාත් සභා ලේකම් කාර්‍යාලයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

20 Aug 2025

Time

9:30am

Location

බස්නාහිර පළාත් සභා ලේකම් කාර්යාලය

තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නැංවීමේදී ප්‍රාදේශීය මට්ටමින් සිදු කරනු ලබන සැලසුම් තුළට තිරසර සංවර්ධන අරමුණු ප්‍රවාහගත කිරීම සඳහා පළාත් සභා සතු කාර්යභාරය සුවිශේෂී වේ. එම ක්‍රියාවලිය සඳහා තිරසර සංවර්ධන සභාව විසින් විවිධාකාරයෙන් මඟපෙන්වීම සහ තාක්ෂණික සහාය ලබා දීම අඛණ්ඩව සිදු කරනු ලබයි.

 

ඒ අනුව, බස්නාහිර පළාතේ පළාත් සභා ලේකම් කාර්‍යාලයේ  ඉල්ලීම පරිදි තිරසර සංවර්ධන සභාවේ සහයෝගය ඇතිව තිරසර සංවර්ධන අරමුණු හා එම අරමුණු සැලසුම් සහ සංවර්ධන ක්‍රියාවලියට  ප්‍රවාහගත කිරීම මෙන්ම ඒවා පසු විපරම් කිරිමේ ක්‍රියාදාමය පිළිබඳව බස්නාහිර පළාත් සභා ලේකම් කාර්‍යාලයේ  රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින බස්නාහිර පළාතේ පළාත් සභා ලේකම් කාර්‍යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.  බස්නාහිර පළාත් සභා ලේකම් කාර්යාලයේ වාර්ෂික පුහුණු වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා පළාත් සභා ලේකම් කාර්‍යාලයේ ලේකම්තුමන් ප්‍රමුඛව එහි විවිධ අංශ නියෝජනය කරනු ලබන නිලධාරීන් මෙන්ම බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේ   නිලධාරීන් ද සහභාගි විය.

 

බස්නාහිර පළාතට අදාළව සකස් කරනු ලබන පස් ප්‍රමුඛතා ක්ෂේත්‍රයන්ට අනුව තිරසර සංවර්ධන ඉලක්ක ස්ථාපිත කිරීම සහ යාවත්කාලීන කරන ලද දත්ත මත පදනම් වූ තීරණ ගැනීම, පාර්ශවකරුවන් හඳුනාගැනීම, තිරසර සංවර්ධන ඉලක්ක අධීක්ෂණය හා පසුවිපරම් සිදුකිරීම යනාදිය පිළිබඳව සාකච්ඡා කළ මෙම වැඩමුළුව මෙහෙයවීම තිරසර සංවර්ධන සභාවේ නිලධාරීන් විසින් සිදු කරන ලදි.