Skip to main content
The Executive Summit on Sri Lanka’s Third Voluntary National Review (VNR) 2027 was successfully held on 8 September 2026.

2030 වර්ෂයේදි ලඟාකරගැනිමට අපේක්ෂිත ජාතික තිරසර සංවර්ධන ඉලක්ක ස්ථාපිත කිරිම සඳහා භාවිතාකල දත්ත වලංගු කිරිම - හතරවන වැඩමුළුව

  1. Home
  2. News & Events
  3. 2030 වර්ෂයේදි…

2030 වර්ෂයේදි ලඟාකරගැනිමට අපේක්ෂිත ජාතික තිරසර සංවර්ධන ඉලක්ක ස්ථාපිත කිරිම සඳහා භාවිතාකල දත්ත වලංගු කිරිම - හතරවන වැඩමුළුව

15 Mar 2024

Time

9:30am

Location

තිරසර සංවර්ධන සභාව

තිරසර සංවර්ධන සභාව අමාත්‍යාංශ සමඟ  සම්බන්ධිකරණය වීම තුළින් ජාතික තිරසර සංවර්ධන ප්‍රගති පුවරුව (National SDG Progress Dash Board) සකස් කිරිමට 2023 වර්ෂයේදී කටයුතු කරන ලදී.

ඒ අනුව, අද දින අමාත්‍යාංශ තුනකින්  ඉදිරිපත්කර තිබු දත්ත වලංගු  කිරිම සඳහා  වැඩමුළුවක් තිරසර සංවර්ධන සභාවේ සම්බන්ධීකරණය සහ තාක්ෂණික සහයෝගයෙන් පැවැත්විණි.

මෙහිදී, පරිසර අමාත්‍යාංශය  විසින්   තිරසර සංවර්ධන අරමුණු 11 එනම් නගර සහ ජනාවාස පරිපුර්ණ, ආරක්‍ෂිත, සවිමත් සහ තිරසර ලෙස සකස් කිරීම යට‍තේ  ඉදිරිපත් කර තිබු  තිරසර සංවර්ධන දර්ශක 11.6.2, තිරසර සංවර්ධන අරමුණු 12 එනම් තිරසර පරිභෝජන සහ නිෂ්පාදන රටාවන් සහතික කිරීමට අදාලව 12.1.1 සහ දේශිය දර්ශක 12.5.1.a දර්ශකය, තිරසර සංවර්ධන අරමුණු 13 දේශගුණික විපර්යාස සහ ඒවායේ බලපෑම් වලට එරෙහිව කඩිනමින් ක්‍රියාත්මක වීම යටතේ  දර්ශක 13.2.2 , 13.a.1 සහ තිරසර සංවර්ධන අරමුණු 15 එනම් භූගෝලීය පරිසර පද්ධතීන්ගේ තිරසර භාවිතය, තිරසර වනාන්තර කළමනාකරණය,  කාන්තාරීකරණයට එරෙහිව ක්‍රියාකිරීම, ප්‍රතිස්ථාපනය  කර ආරක්ෂා කර ප්‍රවර්ධනය  කිරීම, ඉඩම් හායනය නැවැත්වීම සහ පුනරුත්ථාපනය සහ ජෛව විවිධත්ව විනාශය නැවැත්වීමට අදාලව ඉදිරිපත්වු 15.6.1 යන දර්ශක හයට අදාල දත්ත අගයන්    වලංගු කිරීම පලමු සැසිවාරයේදි සිදුකරන ලදි.

දෙවන  සැසිවාරයේදි රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත්සභා හා පළාත්පාලන අමාත්‍යාංශය ඉදිරිපත්කර තිබෙන දත්ත අගයන් වලංගු කිරිම සිදු කෙරිණි. මෙහිදි තිරසර සංවර්ධන අරමුණු 6 එනම් සැමට ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීම සහ ඒවායේ තිරසර කළමනාකරණය සහතික කිරීම යටතේ 6.b.1 සහ තිරසර සංවර්ධන අරමුණු 11 එනම් නගර සහ ජනාවාස පරිපුර්ණ , ආරක්‍ෂිත, සවිමත් සහ තිරසර ලෙස සකස් කිරීම යට‍තේ  ඉදිරිපත් කර තිබු  තිරසර සංවර්ධන දර්ශක 11.6.1 ට අයත් දත්ත, මෙන්ම තිරසර සංවර්ධන අරමුණු 12 එනම් තිරසර පරිභෝජන සහ නිෂ්පාදන රටාවන් සහතික කිරීමට අදාලව 12.3.1.b සහ 12.5.1.b යන දර්ශක දෙකට අදාල දත්තයන්තයන්ගේ වලංගුභාවය තහවුරුකර ගැනීම සිදුවිය

අවසන් සැසිවාරයේදි නාගරික සංවර්ධන සහ නිවාස   අමාත්‍යාංශය  විසින් තිරසර සංවර්ධන අරමුණු 13 යටතේ සදහන් දේශගුණික විපර්යාස සහ ඒවායේ බලපෑම්වලට එරෙහිව කඩිනමින් ක්‍රියාත්මක වීම සම්බන්ධව  ඉදිරිපත් කර තිබු   තිරසර සංවර්ධන දර්ශක 13.1.i සහ තිරසර සංවර්ධන අරමුණු 14 එනම් තිරසර සංවර්ධනය සදහා සාගර, මුහුදු සහ සාගර සම්පත් සංරක්ෂණය සහ පිරිමැසුම්දායි භාවිතය සම්බන්ධයෙන් ඉදිරිපත් වු 14.2.i, 14.2.ii, 14.2.iii , 14.5.1,14.c.i අයත් දත්ත වලංගු කිරීමේ කාර්යය අද දින සිදුකරණු ලැබුවේය.

මෙම අවස්ථාව සදහා පරිසර අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත්සභා හා පළාත්පාලන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය  සහ  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් නිළධාරි මහත්ම මහත්මීන්  සහභාගී විය.