Skip to main content
The Executive Summit on Sri Lanka’s Third Voluntary National Review (VNR) 2027 was successfully held on 8 September 2026.

2030 තිරසර සංවර්ධන ඉලක්ක ස්ථාපිත කිරීම සදහා භාවිතාකල දත්ත වලංගු කිරීම -දෙවන වැඩමුළුව

  1. Home
  2. News & Events
  3. 2030 තිරසර සංවර්ධන ඉලක්ක…

2030 තිරසර සංවර්ධන ඉලක්ක ස්ථාපිත කිරීම සදහා භාවිතාකල දත්ත වලංගු කිරීම -දෙවන වැඩමුළුව

12 Jan 2024

Time

9:30am

Location

තිරසර සංවර්ධව සභා ශ්‍රවනාගාරය

2030 තිරසර සංවර්ධන ඉලක්ක ස්ථාපිත කිරීම සදහා භාවිතාකල දත්ත වලංගු කිරීම -දෙවන වැඩමුළුව

තිරසර සංවර්ධන සභාව, ආසියා පැසිපික් කලාපය සදහා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිෂමේ (ESCAP) තාක්ෂණික සහය ද ලබාගෙන අමාත්‍යාංශ විසින් ඉදිරිපත්කල දත්ත සහ 2030 වර්ෂයේදි ලඟාකර ගැනිමට අපේක්ෂිත ඉලක්ක පදනම් කරගනිමින් ජාතික තිරසර සංවර්ධන ප්‍රගති පුවරුව (National SDG Progress Dash Board) සකස් කිරිමට 2023 වර්ෂයේදී කටයුතු කරන ලදී. ඒ අනුව අමාත්‍යාංශ 3 කට අදාල දත්ත වලංගු කිරිම සදහා වැඩමුළුවක් තිරසර සංවර්ධන සභාවේ සම්බන්ධීකරණය සහ තාක්ෂණික සහයෝගය මත අද දින තිරසර සංවර්ධව සභා ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

මෙහිදී, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් තිරසර සංවර්ධන අරමුණු 11 එනම් නගර සහ ජනාවාස පරිපූර්ණ, ආරක්ෂිත, සවිමත් සහ තිරසර ලෙස සකස් කිරීම යටතේ ඉදිරිපත් කර තිබු තිරසර සංවර්ධන දර්ශක 11.2.1.1 අයත් දත්ත වලංගු කිරීම පලමු සැසිවාරයේදි සිදුකරනු ලැබු අතර දෙවන සැසිවාරයේදි සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය විසින් ඉදිරිපත්කර තිබු තිරසර සංවර්ධන අරමුණු 08 එනම් සියල්ලන් සඳහාම පෝෂිත, පරිපූර්ණ සහ තිරසර ආර්ථීක වර්ධනය, පූර්ණ, ඵලදායී සහ යහපත් රැකියා ප්‍රවර්ධනය කිරීම ය‍‍ටතේ තිරසර සංවර්ධන දර්ශක 8.9.1. සදහා ඉදිරිපත්කල දත්ත වලංගු කිරිමේ කාර්යය සිදුකරන ලදි.

අවසන් සැසිවාරයේදි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය විසින් තිරසර සංවර්ධන අරමුණු 06 එනම් සැමට ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීම සහ ඒවායේ තිරසර කළමණාකරණය සහතික කිරීම සමිබන්ධව ඉදිරිපත් කර තිබු තිරසර සංවර්ධන දර්ශක 6.2. 1සහ දේශීය දර්ශකයක් වන 6.1.1.ii අයත් දත්ත වලංගු කිරීමේ කාර්යය සිදුකරණු ලැබුවේය.

මෙම අවස්ථාව සදහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය. ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය යන අමාත්‍යාංශ සහ ආයතන නියෝජනය කරමින් නිළධාරින් සහභාගී විය.