Skip to main content
The Data Validation Workshop for the Finance, Planning & Statistics Thematic Group was successfully conducted on 8 July 2026 in virtual format.

15.4.2: කඳුකර හරිත ආවරණ දර්ශකය (Mountain Green Cover Index) යන තිරසර සංවර්ධන දර්ශක වලට අදාළ සම්පාදිත දත්ත වලංගු කිරීමේ වැඩමුළුව

  1. Home
  2. News & Events
  3. 15.4.2: කඳුකර හරිත ආවරණ…

15.4.2: කඳුකර හරිත ආවරණ දර්ශකය (Mountain Green Cover Index) යන තිරසර සංවර්ධන දර්ශක වලට අදාළ සම්පාදිත දත්ත වලංගු කිරීමේ වැඩමුළුව

05 Sep 2023

Time

9:00am

Location

තිරසර සංවර්ධන සභාව

කඳුකර පරිසර පද්ධති යනු ලෝකයේ “ජල කුළුණු” වන අතර, එය පෘතුවියේ ඇති සියලුම මිරිදිය සම්පත් වලින් 60-80% ක් සපයයි. ජෛව විවිධත්වයේ පරිහානිය වැළැක්වීමට සහ දිගු කාලීන පැවැත්ම සහතික කිරීම සඳහා කඳුකර ස්වභාවික සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම ඉතා වැදගත් වේ.

මෙම වැදගත්කම සලකා, ශ්‍රී ලංකා තිරසර සංවර්ධන සභාවේ 2023 වසරේ දත්ත ධාරිතා ගොඩනැගීමේ ක්‍රියාකාරී සැලැස්මට අනුව 15.4.1 කඳුකර ජෛව විවිධත්වය සඳහා වැදගත් ස්ථානවල ආරක්ෂිත ප්රදේශ ආවරණය (Coverage by protected areas of important sites for mountain biodiversity) සහ 15.4.2: කඳුකර හරිත ආවරණ දර්ශකය (Mountain Green Cover Index) යන තිරසර සංවර්ධන දර්ශක වලට අදාළ සම්පාදිත දත්ත වලංගු කිරීමේ වැඩමුළුව අද දින පැවැත්විණි. කඳුකර පරිසර පද්ධති සහ ඒවායේ සේවාවන් සංරක්ෂණය, ප්‍රතිසංස්කරණය සහ තිරසාර භාවිතයේ ප්‍රගතිය මැනීමේ මාධ්‍යයක් ලෙස මෙම දර්ශක සැලකේ.

තිරසර සංවර්ධන සභාවේ තාක්ෂණික උපදේශනය සහ සම්බන්ධීකරණය මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාල අන්තර් ජාතික සංවිධාන වන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සහ BirdLife International යන ආයතන වල පවතින අවකාශීය දත්ත සහ සිතියම් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් මෙම දත්ත සම්පාදන ක්‍රියාවලිය සිදු කරන ලදී. උන්නතාංශය, බෑවුම සහ දේශීය උන්නතාංශ පරාසයන් මත පදනම්ව කඳු පන්ති හඳුනා ගැනීම සහ වර්ගීකරණය සිදු කරන ලදී.

රජයේ නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාල නියෝජිතයන් මෙම දත්ත වලංගු කිරීමේ සැසියට සහභාගී විය.

#SDGs #datacapacity #mountaingreencoverindex