Skip to main content
The Data Validation Workshop for the Education, Labour, Skills and Culture Thematic Group was successfully conducted on 18 June 2026 in virtual format

තිරසර සංවර්ධනය සඳහා වන මුල්‍යකරණය ශක්තිමත් කිරීම

  1. Home
  2. News & Events
  3. තිරසර සංවර්ධනය සඳහා වන…

තිරසර සංවර්ධනය සඳහා වන මුල්‍යකරණය ශක්තිමත් කිරීම

30 Jan 2023

Time

2:00pm

Location

මුදල් අමාත්‍යංශය

තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා වන ක්‍රියාදාමය රටෙහි ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි කොටසක් ලෙස ගැනෙන විට එය අයවැය රාමුව තුළට අන්තර්ග්‍රහණය කිරීම ඉතා වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. තිරසර සංවර්ධන අරමුණු සඳහා වන මුල්‍යකරණය ශක්තිමත් කිරීම සඳහා ජාතික අයවැය රාමුව තුළින් ගනු ලබන  ප්‍රයත්නය ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට රටක් ලෙස දක්වන ප්‍රමුඛතාවය පිළිඹිබු කෙරෙන ප්‍රබල නිදර්ශකයකි.

සංවර්ධනය සඳහා යොදවනු ලබන සම්පත් වැඩි කාර්යක්‍ෂමතාවයකින් හා තුලනාත්මක භාවිතයකින් පරිහරණට අවශ්‍ය තීරණ ගැනීමේ මෙවලමක් ලෙස සැලකෙන SDG Budget Tagging & Coding System ශ්‍රී ලංකාවේ අයවැය රාමුව තුළට අන්තර්ග්‍රහණය කිරීම සඳහා වන සාකච්ඡාවක් 2023 ජනවාරි මස 30 වන දින මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේ දී පැවැත්විණි.

තිරසර සංවර්ධන සභාව සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් හා මුදල් අමාත්‍යංශයේ යටතේ පවතින ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව, තොරතුරු තාක්‍ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ මුදල් කොමිෂන් සභාව නියෝජනය කරමින් ආයතන ප්‍රධානින් සහභාගී වූ අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි මෙරට නිත්‍ය නියෝජිතවරියගේ ප්‍රධානත්වයෙන් යුතු මේ සඳහා උපදේශකත්වය සපයන නියෝජිත පිරිස විසින් SDG Budget Tagging & Coding System ශ්‍රී ලංකාවේ අයවැය රාමුව තුළට ඇතුළත් කර ගැනීමේ වැදගත්කම හා ඒ සඳහා පවතින ක්‍රමවේද පිළිබඳව ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.

මෙම නව්‍ය මුල්‍යකරණය යෙදවුම් හරහා ජාතික ප්‍රතිපත්ති ප්‍රමුඛතා ජාතික අයවැයකරණය රාමුව තුළට ඇතුළත් කර ගැනීම මඟින් ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට ගනු ලබන ප්‍රයත්නයන්  වඩා ශක්තිමත් හා වේගවත් කිරීමට නිසැකවම දායක වනු ඇත.