Skip to main content
The Data Validation Workshop for the Education, Labour, Skills and Culture Thematic Group was successfully conducted on 18 June 2026 in virtual format

ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන අරමුණු ළගා කරගැනීම පිළිබද දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම -2022 - සබරගමුව පළාත් වැඩමුළුව

  1. Home
  2. News & Events
  3. ශ්‍රී ලංකාව තිරසර…

ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන අරමුණු ළගා කරගැනීම පිළිබද දෙවන ස්වේච්ඡා ජාතික ඇගයීම -2022 - සබරගමුව පළාත් වැඩමුළුව

31 Mar 2022

Time

8:30am

Location

රත්නපුර

තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේ ශ්‍රී ලංකාව දක්වන ප්‍රගතිය මැන බැලීම සදහා වන ස්වේච්ඡා ජාතික ඇගයීමේ පළාත් මට්ටමේ බහු පාර්ශවීය උපදේශන වැඩමුළුව සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් ඊයේ දින රත්නපුර දිස්ත්‍රික්කයේ දී පැවැත්විණි.
ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය සහ මුලික සේවා සැපයීම, පාරිසරික සංරක්‍ෂණය, හා නීතිය සහ සාමය යන ක්ෂේත්‍ර ඔස්සේ තුලනාත්මක සංවර්ධනයක් තහවුරු කිරීම සඳහා සැලසුම්කරණය, ප්‍රතිපත්ති සන්දර්භය, ආයතනික හා නීතිමය පසුබිම, දත්ත, මුල්‍යකරණය හා සහයෝගිතාවන් සම්බන්ධයෙන් පවතින තත්ත්වයන්, අභියෝග හා ඉදිරිගමන් මඟ පිළිබඳව අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙහිදී සිදු විය.
සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ආරාධනාව සහ සංවිධානය මත මෙම උපදේශන වැඩමුළුව සඳහා   සබරගමුව පළාත් අධ්‍යාපන, සෞඛ්‍ය, ආයුර්වේද, කෘෂිකර්ම, ප්‍රජා ජල, මාර්ග සංවර්ධන,නිවාස, විදුලි බල, වාරිමාර්ග, ඉඩම්, සත්ව නිෂ්පාදන,සමාජ සුබසාධන පරිවාස හා ළමා රක්‍ෂණ ඇතුළු සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරමින් අදාළ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල රාජ්‍ය නිලධාරීන් ද සිවිල් සංවිධාන නියෝජනය කරමින්  සහ සබරගමුව පළාත් වාණිජ මණ්ඩල  නියෝජනය කරමින් එහි නිලධාරීන්ද සහාභාගී විය.  තිරසර සංවර්ධන සභාව විසින් වැඩමුළුව මෙහයවන ලද අතර, සබරගමුව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පරාක්‍රම පියසේන මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ද, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ නියෝජිතයන් ද මෙම අවස්ථාවට සහභාගී විය.